What Is A Cyclone - The Scientific Explanation
කුනාටුවක් යනු කුමක්ද කෙටියෙන් කිව්වොත් වායුගෝලයක බලවත් සුළං ප්‍රවාහයක් නිසා ඇතිවෙන කලබලකාරී ස්වභාවයකටයි. මෙහි විද්‍යානූකූල පැහදිලි කිරීමට එන්න කලින් අපි බලමු මේ වනවිට ලෝකේම කතා වෙන ශ්‍රී ලංකාවට බලපා ඇති සුළි කුනාටුව ගැන.
එය හඳුන්වා ඇත්තේ Cyclone Ditwah නමිනි. මෙය 2025 නොවැම්බර් 26 දින බටහිර බෙංගාල බොක්ක අවටව “depression” (අඩු පීඩන පද්ධතියක්) වශයෙන් ආරම්භ කර ඇති අතර ඒ පසු දවස් කිහිපයකින් “deep depression” බවට පත්ව, පසුව cyclonic-storm තත්ත්වයට පත් වී ඇත.
Cyclonic Storm යනු, පවතින මධ්‍යපීඩන සුළි කුණාටුවකි, අඛණ්ඩව හැරෙන සුළඟක් සහ වැසි-වලාකුළු පද්ධතියක්, එහි මධ්‍ය (center නොහොත් eye ) අසල 65 – 88 km/h වේගයක් ගනියි, කෙලවර 30–60 km/h අගයකි.
[ Depression 31–49 km/h, Deep Depression 50–61 km/h, Cyclonic Storm 🌪 62–88 km/h (දැනට පවතින තත්වය), Severe Cyclonic Storm (SCS) 89–117 km/h ... ]
මෙයින් ඔබට පෙනෙනවා ඇති මෙය වර්ධනය වුවොත් ඇතිවෙන භයානක තත්වය.
දැන් මෙහි විද්‍යානුකූල පැහැදිලි කිරීමට එමු, මෙය ගත්තොත් උෂ්ණ කලාපීය කුණාටුවකි. මෙය හටගැනීමට සාධක 5ක් නම්,
- උෂ්ණ මුහුදු ජලය (Sea Surface Temperature ≥ 26.5°C)
- අඩු මධ්‍යානුකූල පීඩනය (Low Pressure Zone)
- පෘථිවීගේ අචලන බලය (Coriolis Effect)
- Vertical Wind Shear අඩුවීම
- තද සංවහනය (ගගනවලාකුළු හා ඉහළට නගින උණුසුම් තෙත් වායු)
මෙහි 1,2,5 කරුණු ගැන බහුතරයක් පිරිස දන්නවා එහෙත් 3 සහ 4 සාධක දෙක ප්‍රවෘත්ති නාළිකාවල පවා අසා නැති තරම්ය.
පෘථිවීගේ අචලන බලය නොහොත් Coriolis Effect,
කෙටියෙන් කිව්වොත් පෘථිවිය භ්‍රමණය කරන නිසා චලිත ද්‍රව්‍ය (වායු, වතුර, ගුවන් යානා, රොකට්) සෘජු රේඛාවෙන් ගමන් නොකර “ඉරවී” වැනි වංගුවෙන් හැරෙන ලෙස ගමන් කිරීමයි.
මෙය සිදුවන්නේ, පෘථිවිය අක්ෂය වටා භ්‍රමණය කරන බැවින් ඒකයේ භ්‍රමණ වේගය අක්ෂාංශ අනුව වෙනස් වීම නිසා. ඒ නිසා උතුර–දකුණ දිශාවට ගමන් කරන ද්‍රව්‍ය සෑමවිටම
ඒ භ්‍රමණ නිසා ඉරවී වැනි වංගුවලින් හැරීමයි.
Vertical Wind Shear අඩුවීම,
Vertical Wind Shear (සිරස් සුළං ප්‍රවාහ) අඩුවීම යනු කුණාටු හෝ සුළි කුණාටු හැඩගැස්වීමේදී ඉහළ සහ පහළ වායු තට්ටුවල සුළං වේගය අතර වෙනස අඩු වීමයි.
වායු ගමන් දී වේගය හෝ දිශාව වෙනස් වීම , පහළ සහ ඉහළ වායු තට්ටු අතර වෙනස මෙයට බලපායි.
මෙයට භෞතික විද්‍යානුකූල පැහැදිලි කිරීමක් ඇත.
අවාසනාවකට කෙතරම් මෙය පැහැදිලි කර ගත්තත් දැනට පවතින තාක්ශනයට මෙය වෙනස් කල නොහැක, කලහැකි එකම දෙය වන්නේ මිනිස් ජීවිත රැකගැනීමට බලපෑම් අවම කිරීමට කටයුතු කිරීමයි. නාය යෑම් , ගංවතුර අවදානම් ස්ථාන වල ඇත්නම් එම ස්ථාන වලින් ඉවත්ව ආරක්ශාකාරී ස්ථාන වෙත ගමන් කිරීමට කටයුතු කිරීමයි.
ඉදිරියේදී මෙය කුමන ස්වරූපයක් ගනීද යන්න ස්ථීරවම කිවනොහැකි තත්වයක් වුදා වී ඇත!!!
- සුළි කුනාටුවේ සජීවී චන්ද්‍රිකා දර්ශන නැරබීමට - Zoom Earth | Weather Map & Hurricane Tracker
- සුළි කුනාටුවේ වේගයේ චන්ද්‍රිකා දර්ශන නැරබීමට - Wind Speed Forecast Map | Zoom Earth