The Typhoon Giant - Master Of Cyclones
Hello guysපරිස්සෙමෙන් ඉන්නවා ඇති කියලා හිතනවා මේ කුණාටු අස්සේ
මන් ගොඩක් තැන් වල දැක්කා storm ගැන පැහැදිලි කරලා post දාලා තියෙනවා
ඉතින් මාත් හිතුවා ඕගොල්ලන්ට දැනුවත් වෙන්න post එකක් දාන්න.
මේක මේ storm ගැන scientifically explanation එකක් නම් නෙමේ
Mythological explanation එකක්
මේක ඔයාලට වැදගත් වෙයි කියලා හිතනවා (වැදගත් වෙන්නේ නෑ ඇත්තටම 😅)
මිත්‍යා කතා වලට අනුව මොනවද මේ කුණාටු
අතීතයේ හැම culture එකකම කතාවක් තිබ්බ මේ කුණාටු වල භයානකකම පැහැදිලි කරන්න.
ඒගොල්ලෝ කුණාටුවක් කියන්නේ නිකන් කාලගුණ වෙනසක් කියලා දැක්කේ නෑ, එයාලා ඒක දැක්කේ living being කෙනෙක් නැත්තන්, child of gods or weapons of chaos විදියට.
ඉතින් මේ කතාව
අහසේ , සාගරයේ සහ පාතාලයේ ගැටුම් වලින් උපන් legendary destroyer Typhoon Giant ගැන
Greek mythology
(ග්‍රීක මිත්‍යා)
Greek mythology වලට අනුව භයානකම storm creature තමයි Typhoon කියන්නේ
Final boss කියලා කියන්නත් පුලවන්
සමහර කතා වලට අනුව typhoon ඉපදුනේ Gaia සහ Tartarus එකතු වීමෙන්
සමහර තැන් වල එයා Hera ගේ කේන්තිය සහ divie power එකෙන් ඉපදුණු දරුවෙක්. කොහොමහරි මෙයා කොටසක් Giant, කොටසක් snake, කොටසක් elemental රාක්ෂයෙක්.
ගොඩක් මුලාශ්‍ර වලට අනුව
Typhoon ට human shaped upper body එකක් සහ ඉනෙන් පහළ සර්පයන් වෙලිලා ඉන්න කකුල් තියේ(කකුල් කියන්නම් බැහැ)
සමහර කතා වල snake heads තියෙන(අපි hydra කියන්නේ) ගින්දර පිබින්න, volcanic rocks වලින් attack කරන්න සහ කුණාටු ඇති කරන්න සහ කුණාටු වලට command දෙන්න පුලවන්ද කෙනෙක් විදියට හදුන්වලා තියෙනවා
මේ හේතූන් නිසා typhoon father of monsters සහ mostrous storm giant විදියට හදුන්වනවා.
අතීත මිත්‍යා වල ගොඩක් භූමිකම්පා,ගිනිකදු පිපිරීම්, කුණාටු වලට වගකියන්න ඕනි typhoon තමයි
The great battle
(Typhoon vs Zeus)
Olympus gods ලා Titanomachy එකෙන් (The battle between older generation titans and Olympus gods) පස්සේ Olympus පාලනය කරන් ඉද්දි typhoon ඇවිල්ලා zeus ට අභියෝග කරනවා පාලනය එයාගේ අතට අරගෙන gods ලා අයින් කරලා godsla සහ humansla rule කරනවා කියලා
මේ හේතුව නිසා olympus සහ typhoon අතර ලොකු යුද්ධයක් ඇති වුනා.
සමහර කතා වලට අනුව typhoon ට පුළුවන් වෙනවා zeus ට තුවාල කරන්න , ඊට පස්සේ zeus බේරිලා ගිහින්
ආපහු power charge කරන් ඇවිල්ලා typhoon ව පරද්දනවා
මේ යුද්දේදි Poseidon උත් සෑහෙන්න උදව් කළා
අන්තිමට typhoon ව හිර කරලා දානවා
සමහර තැන්වල කියන විදියට tartrus වලට cast කරනවා
තවත් සමහර තැන්වල ගිනිකන්දක් යට හිර කළා කියනවා,ඒ කන්ද Etna mountain in Sicily කියලා තමා සදහන් වෙන්නේ
අද අපි හදුන්වන typhoon කියන වචනය partialy originated වෙන්නේ greek mythology වල typhoon giant ගෙන්
ඉතින් අද අපි කියන භූමිකම්පා, ගිනිකදු පිපිරීම් කුණාටු කියන natural events
අපිට පෙන්නලා දෙනවා Typhoon සැරෙන් සැරේ එයාගේ seal එක braek කරන ගමන් ඉන්නේ කියලා
It's a reminder that chaos is never fully gone,only suppresed
ඉතින් මේක mythology story එකක් විතරයි, නිකන් ඉන්න එකේ මට හිතුනා ඔයාලත් එක්ක share මේක කරගන්න 😅
දැන් ඉඳන් ආපහු ඔයා අහස දිහා බලද්දි මතක තියාගන්න
ඒක ඒ නිකන්ම නිකං කුණාටුවක් විතරක් නෙමේ
ඒ දෙවිවරු අපි වෙනුවෙන් රාක්ෂයෙක් එක්ක සටන් කරන දැවැන්ත සටනක සලකුණු කියලා
That's it
So stay safe